Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 16, 2016

රනිල්ට හම්බන්තොට බිල දැකල තරු පෙනිලා ! Featured

හම්බන්තොට වරායේ පැවැති වර්ජනය අවස්ථාවේදී අල්ලාගෙන සිටි නැව් දෙක වෙනුවෙන් කේලයින් නැව් සාමාගම ඩොලර් ලක්ෂ 4ක බිලක් එවා ඇතිබව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් කියා සිටී.

අදාළ බිල ගෙවන්නේ කවුදැයි ඔහු ඉන් විමසා තිබේ.

මාධ්‍යවේදියකුගේ බෙල්ල මිරිකූ නාව්පතිද සමඟ ජායාරූපයක් එක්කරමින් ඔහු කියා සිටින්නේ නැව්පති එම මෙහෙයුම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදී ඇති බවයි.

සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය

“ හම්බන්තොට වරාය වර්ජනය දැන් අවසන් වී බොහෝ දෙනා රැකියාවලට වාර්තා කොට තිබෙන බව ඇමතිතුමා මා වෙත දැනුම් දුන් අතර නාවික හමුදාපති තුමා විසින් හම්බන්තොට වරායේ සිදු කළ මෙහෙයුම පිළිබද වාර්තාවක් ද මා වෙත භාර දෙනු ලැබුවා.

කේලයින් නැව් සමාගමෙන් ඒ අයට සිදුවී ඇති අලාභය සදහන් කර ඩොලර් ලක්ෂ හතරක බිලක් අප වෙත එවා තිබෙනවා. දැන් මෙය ගෙවන්නේ කවුද? අනෙකුත් නැව්ද මෙලෙස සිදුවූ අලාභය ඉල්ලා සිටිය හැකියි. නමුත් චයිනා මර්චන්ට් සමාගම පැවසුවේ කෙසේ හෝ මෙම ගැටලූව විසදා ගත හැකි බවයි. මෙම බාධක ජය ගැනීමෙන් පසු මෙම වරාය නැව් වලින් පුරවා ජාත්‍යන්තර වරායක් බවට පත් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙම සේවකයින් කුමන පක්ෂයේ පිරිසක් වුවත් ඒ අයට හොද අනාගතයක් උදා කර දීමට අප කටයුතු කරන අතර කවුරුන් හෝ හානියක් සිදුකර ඇත්නම් හෝ නීතිය කඩකර ඇත්නම් ඒ පිළිබදව ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරනවා. මේ අසීරු අවස්ථාවේ නැව් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කිරීම පිළිබඳව අප නාවික හමුදාපතිටත්, නාවික හමුදාවටත් ස්තුතිවන්ත වෙනවා.”

Screen Shot 2016 12 16 at 9.31.50 AM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top