Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 17, 2016

කාන්තාවන්ට ඔසප් දින නිවාඩු - ජනපතිට යෝජනාවක් Featured

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මෙරට කාන්තාවන්ට දැනට හිමි නිවාඩුවලට අමතරව ඔසප් දින නිවාඩුවක් ලබා දීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඔසප් දිනවල දී දැඩි පීඩාවකට මුහුණ දෙන කාන්තාව පිළිබඳ ගැටලුව සැලකිල්ලට ගනිමිනි.

ඔසප් වීම ආරම්භයත් සමඟ දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව මෙරට කාන්තාවන් සඳහා ද අදාළ නිවාඩුව ලබා දීම වඩාත් උචිත සාධනීය පියවරක් බව ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද යෝජනාවේ දක්වා ඇතැයි දැන ගන්නට ඇත.

මෙරට කාන්තාවන් සඳහා සාමාන්‍ය රජයේ නිවාඩුවලට අමතරව ප්‍රසූත නිවාඩුවට ඇතුළත් වන පරිදි වැටුප් සහිත දින 84 ක් අඩ වැටුප් සහිත දින 84 ක් සහ වැටුප් රහිත දින 84 ක් හිමිව තිබේ.

මැයි 01දා ප්‍රකාශයට :

ජනාධිපතිවරයාට යොමු කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කර මෙරට කාන්තාවන්ට ද ඔසප් නිවාඩුව ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමට පියවර ගනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ විට එම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීම 2017 වර්ෂයේ මැයි පළමු වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී සිදු කෙරුනු ඇති බව ද දැන ගන්නට ඇත.

කාන්තාවන්ට ඔසප් දින නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිවරියත් කම්කරු ඇමැතිවරයාත් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

(දයා නෙත්තසිංහ)

සබැඳි පුවත්
කාන්තාවන්ට 'ඔසප් නිවාඩුවක්'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top