Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 18, 2016

දේශීය ආදායමේ සේවක දිරි දීමනාව අතුරුදහන් ! Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘දේශීය ආදායම් දිරිගැන්වීම් අරමුදල’ මඟින් මාස 6කට වරක් ලබා දෙන දිරි දීමනාව පමා වීමට හේතු වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණ සිටින හොංකොං ජාතිකයන් තිදෙනාට වැටුප් සඳහා එම අරමුදලේ මුදල් යොදා ගැනීම නිසා බවට බරපතළ සැකයක් මතුව ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණ සිටින හොංකොං ජාතිකයන් තිදෙනාට වැටුප් ලබා දීමේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ පැමිණීමත් සමඟ නියමිත කාලයට අදාළ මුදල් සේවක වැටුපට එක් කිරීමට නොහැකි වීමත් පසුගිය ජුනි මාසය වන විට ලැබීමට නියමිත දිරි දීමනා ලබා දෙන දිනයක්වත් සඳහන් කිරීමට බලධාරීන් අසමත්ව ඇති තත්ත්වය තුළ සිය සැකය තහවුරු වන බව ද එම ආරංචි මාර්ග  සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින ආකාරයට  2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙහි 210 වගන්තිය ප්‍රකාරව පිහිටුවා ඇති දේශීය ආදායම් දිරිගැන්වීම් අරමුදල සඳහා මුදල් ප්‍රතිපාදන සැපයෙන්නේ බදු ගෙවීමට නියම වන නමුත් බදු ගෙවීම පැහැර හරිනු ලබන පාර්ශ්ව හෙළි කර ගැනීම හරහා අයකර ගනු ලබන මුදල් හරහාය.


දිරිදිමනාව වැටුප මෙන් 4 1/2 ක්  :


එහි දී අදාළ මුදලින් 2%ක් මෙම අරමුදලට බැර වන අතර වසරකට දෙවතාවක් දේශීය ආදායම් නිලධාරියකු ලබන වැටුප මෙන් 4 1/2 ක ප්‍රමාණයක් ලෙස එම දිරිදීමනාව ලබා දෙනු ලබයි.

ඒ අනුව අදාළ මුදල් අලුතෙන් සොයා ගැනීමට දෙයක් නොමැති අතර සිදු කළ යුතුව තිබෙන්නේ අරමුදලේ තිබෙන මුදල් නියමිත පරිදි නිකුත් කිරීම පමණය.

එහෙත් සේවක වෘත්තීය සමිති අදාළ ගෙවීම් පමා වීම සම්බන්ධව බලධාරීන් වෙතින් කරුණු විමසීමේ දී ඊට අදාළ පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔවුන් සමත්ව නැත.

එහෙයින් ඔවුන් ඊට විරෝධය පා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගිය අවස්ථාවේ දී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය ශබ්ද විකාශන යන්ත්‍රයක් හරහා සේවකයන් අමතා අදාළ මුදල් වැටුපට එක් කිරීමට සූදානම් බව දැනුම් දී ඇත.

සේවක වෘත්තීය සමිති පසුගිය 15 වන දා උද්ඝෝෂණයක නිරත වූයේ ද ලබා දුන් පොරොන්දුව මත අදාළ දිරිදීමනා නොලැබීම හේතුවෙනි.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top