Dec 18, 2016

FB මඩවලට මාර්ක්ගෙන් මාර්ක් එකක්

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කෙරෙන  ‘පෝස්ට්’ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව දැනටමත් සාමාජිකයින්ට හිමිව තිබෙන අතර මේ වන විට  එය වැඩි දියුණු කර නව විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වන බවද වාර්තාවී තිබේ.

ඒ, ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවාහැරීම අවහිර කිරීම සදහාය.

මේ තත්වයට පිළියමක් ලෙස ෆේස් බුක් සඳහා අලුතින් පිරික්සුම් ලේබල් ක්‍රමවේදයක්ද හඳුන්වාදී ඇත.

එමගින් සිද්ධ වන්නේ ව්‍යාජ තොරතුරු සංසරණයේදී ඒ බව පාඨකයින් මගින් රිපෝට් කිරීමට අවස්ථාවක් සැලසීමත් එවැනි රිපෝට් වැඩිපුර ලැබෙන පුවත් ඒ ඒ රටවල් තුළ පිහිටුවන නිල පුවත්සේවා නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත්වීමෙන් පසු එම පුවත් ලේබලයක් සමග පළවීමත්ය.

එම ලේබලයේ එම පුවත ව්‍යාජද නැද්ද යන්න සටහන්වනු ඇත.

ඉකුත් දා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා අසත්‍ය ප්‍රවෘත්ති රැසක් පතුරුවා හැරුණු බවට චෝදනා එල්ල වුණි.

එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීම අවහිර කිරීමට නව විශේෂාංගයක් හඳුන්වාදීමට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

92991209 reporting a story as fake

මූලාශ්‍රය - නෙත්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top