Dec 19, 2016

'නව ව්‍යවස්ථාව ගැනත් සැකයි' -සරත් විජේසූරිය (වීඩියෝ)

පාලක පාර්ශව දෙකම ජනවාරි 8 වෙනිදා සෝභිත හිමි ප්‍රමුඛ ජනතාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ කොන්දේසි කඩ කර නීති ගරුක පුරවැසියා සාපරාධී ලෙස රවටා ඇති බවත්, හොරුන් දූෂිතයන් සහ මිනීමරුවන්ට දඬුවම් නොදෙන බව දැන් පැහැදිලි බවත් 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

අවසාන බලාපොරොත්තුව වන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිලිබඳවද තිබෙන බලාපොරොත්තු දිනෙන් දින බිඳී යන බැවින් මීට මුහුණ දීම සඳහා දැවැන්ත පුරවැසි පවුරක පුනරුද ව්‍යාපාරයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මෙසේ පැවසුවේ පසුගිය 16 වෙනිදා කුරුණෑගල පැවැති සෝභිත හිමි ගුණ සමරු සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

ජනවාරි 8 වෙනිදාට පසු වරු 3 ක් ගතවූ තැන් සිටි ජනතාව රැවටූ ආකාරය මුළ සිටි පැහැදිලි කළ මහාචාර්යවරයා, ජාතික විධායක සභාව කියා හදන ලද සංවිධානයට සෝභිත හිමියන් පත් කළ බව කීවද කිසිදා සෝභිත හිමියන්ට ආරාධනා නොකළ බවත් එම සභාවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර සෝභිත හිමියන්වද රැවටූ බවත් කීවේය.

දින 100 වැඩ පිළිවෙල ඡන්ද ගුන්ඩුවක් :

දින 100 වැඩ පිළිවෙල එජාපයේ යෝජනාවක් බවත් එය ඒ අවස්ථාවේදී ඡන්දයකට ගියහොත් එජාපය පරදින බැවින් ජනතාවට අසීමිත සහන දී ඡන්දයකට යෑමට කළ උපායක් බවත් පැවසූ මහාචාර්යවරයා, එහිදී දුන් සැලසුමක් නැති අසීමිත සහන නිසා ආණ්ඩුවක් කරගෙන යෑමට අවශ්‍ය ආදායම් අහිමි වූ බවත් කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිපයේ සභාපති ධූරය දුන්නා යැයි කීවද එහි දීමට දෙයක් නොමැති බවත් නීතියෙන්ම ජනාධිපති වූ පසු එය උරුම වන දෙයක් නමුත් සිරිසේන මහතා සභාපති කම රැගෙන තිබූ ආණ්ඩුවේ 3 ක් හැර ඉතිරි සියලු දූෂිතයන්ට නාමයෝජනා දෙමින් ජනතා බලාපොරොත්තු සුන් කළ බව කීවේය.

හිරේ සිටිය යුතු ගෝඨා :

දෙපාර්ශවයම දූෂිතයන්ට දඬුවම් නොදෙන බව දැන් ස්ථිර යැයි කී මහාචාර්ය වරයා ඩඩ්ලි සේනානායක පිළිරුව විවෘත කිරීමට ජනාධිපති අගමැති සමග ගෝඨාභයටද ආරාධනා කිරීම විස්මය දනවන්නක් යැයි පැවසීය.

හිරේ සිටිය යුතු ගෝඨාභයට ආරාධනා කළ යුත්තේ එක්කෝ ජනාධිපතිවරයා හෝ එක්කෝ අගමැතිවරයා විය යුතු බවද ඔහු පැවසීය.

පසුගිය ආණ්ඩුව කළ ඝාතන වලට ඍජුවම ගෝඨාභය වගකිව යුතුව තිබියදී ඔහු බේරා ගැනීමට ක්‍රියා කරන බවට මහාචාර්ය වරයා සාක්කි සහිතව චෝදනා කෙළේය.

රාජපක්ෂලාට ඉඩක් නොදිය යුතුයි :

මෙයින් ජනවාරි 8 වෙනිදා බලවේග කලකිරීමට පත් නොවිය යුතු බවත් 2020 මැතිවරණයේදී බලයට ගෙන ආ යුත්තේ එජාපයද ශ්‍රීලනිපයද යන්න ජනතාවට වැඩක් නැති නමුත් පරාජිත රාජපක්ෂලාට කිසිසේත්ම ඉඩක් නොදිය යුතු බැවින් පුරවැසි පවුරක් ලෙස එක්ව දැවැන්ත ‘පුනරුද ව්‍යාපාරයක්‘ ගොඩ නැගිය යුතු බවත් කීවේය.

මහාචාර්ය වරයාගේ කතාව සහිත වීඩියෝවක් පහතින්

(ලංකා ඊ නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top