nsb

Dec 19, 2016

ලීඩර් ලසන්ත හා මහින්දගේ රහස් සාකච්ඡාවක හඬපටයක් ! Featured

Exclusive - ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ රහස් දුරකථන සංවාදයක හඬපටයක් අපවෙත (www.srilankamirror.com) ලැබී තිබේ.

එම හඬපටයෙන් ලසන්ත හා මහින්ද ඉතා කිට්ටු මිතුරන්ව සිට ඇති බව ඒත්තු ගැන්වේ.

අදාළ හඬපටය පහත දැක්වේ.


කෙසේවුවද, ලසන්ත ඝාතනය වූයේ 2009 ජනවාරි 08 වැනිදා වන අතර ඔහු ඝාතනය වන අවස්ථාවේ මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාය.

පසුගිය රජයේ ප්‍රධානීන්ගේ අණ පරිදි රාජපක්ෂ ආණ්ඩු සමයේ දුරකථන පණිවිඩවලට රහසින් සවන්දුන් පුද්ගලයින්ගේ නම් දැක්වෙන ලිපියක් පසුගියදා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය පළකර තිබූ අතර එම ලිපියේ තිබූ දුරකථන අංක අතර එවක විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ හා සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේද දුරකථන අංකය ඇති බව වාර්තා කර තිබිණි.

වසර 2008 සැප්තැම්බර් 8 වැනිදා අදාළ ලිපිය යොමුකර තිබී ඇති අතර ඉන් මාස 3කට පසුව වික්‍රමතුංග මහතා ඝාතනයට  ලක්ව තිබිණි.

මේ ඊට අදාළ ලිපිය පහත දැක්වේ. (උපුටා ගැනීම – කලම්බු ටෙලිග්‍රාෆ්)

Phone tapping Sri Lanka Gotabaya Rajapaksa 2

ඝාතකයා හඳුනා ගැනීමට සහය පැතීම

මේ අතර, වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් පසුගියදා මහජන සහාය පතා තිබිණි.

පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව ඝාතනයට සැක කරන පුද්ගලයකුගේ ඡායාරූපයක් පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් මාර්ගයෙන් සිතුවමට නගා ඇති බවය.

වයස අවුරුදු 35ක් පමණ පෙනුමැති, අදාල පුද්ගලයාගේ උස අඩි 05යි අඟල් 08ක් පමණ වන අතර ඔහුට දුඹුරු පැහැති දිගටි ඇස් ඇති බව ද පොලිස් මුලස්ථානය සඳහන් කළේ ය.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දන්නේ නම් 011- 242 2176, 011-2380380, 071-8305528, 071-8349505, 077-3291500 හා 071-8070207 යන දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් පොලිස් මුලස්ථානය ඉල්ලා සිටි.

new image

බුද්ධි අංශ නිලධාරියා

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමානන්ද උදලාගම නැමැති බුද්ධි අංශ සාමාජිකයකු වික්‍රමතුංග මහතාගේ රියැදුරා පැහැරගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටී.

සැකකාර බුද්ධි අංශ සාමාජිකයාට හමුදා කඳවුරුවලට ඇතුළු වීම ගල්කිස්ස  මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් කර තිබේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top