Dec 19, 2016

යොවුන් පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනේ

සිවුවැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා සභිකයින් 160 දෙනෙකු ඊයේ (18දා) පැවති මැතිවරණයෙන් තෝරාපත් කරගෙන තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන 661ක පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිත කර ඇති සංඛ්‍යාව එක් ලක්ෂ දහතුන් දහසකි.

එය ඉකුත් වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව ජාතික තරුණ සේවා සභාව සදහන් කර සිටියි.

වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් වන අතර මඩකලපුවේ පමණක් සියයට 85 ක් ඡන්දය ප‍්‍රකාශ කර ඇත.

යොවුන් පාර්ලිමේන්තුව සඳහා තෝරා ගන්නා මුළු සභිකයින් ගණන 225 කි. ඉතිරි 65 දෙනා මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් විශ්ව විද්‍යාල, ස්වෙච්ඡා සංවිධාන ඇතුළු විවිධ ආයතන මට්ටමෙන් සම්මුඛ පරීක්ෂණ හරහා තෝරා ගැනීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top