Dec 19, 2016

රටින් එන හොර කුරුඳු ජාවාරමකට වැටබඳී ! Featured

ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ විදේශීය කුරුඳු ‘ ලංකා කුරුඳු‘ (Ceylon Cinnamon) නමින් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම නැවැත්වීමට කටයුතු කළ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.

එම ජාවාරම තුළින් දේශීය වගාකරුවන්ගේ වෙළෙඳපොළට මෙන්ම ශ්‍රී ලංකාවේ කුරුඳුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට ද විශාල තර්ජනයක් එල්ල වූ බව අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියි.

ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව ගාල්ල සීනිගම දේවාල භූමියේ දී පැවැත්වු වාර්ෂික ‘නැවුම් කුරුඳු මංගල්ලය‘ සදහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මැඩගස්කරය වැනි රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් අඩු කුරුඳු ශ්‍රී ලංකාවට ආනයනය කර, පසුව ඒවා ශ්‍රී ලංකාවේ කුරුඳු යන නාමය යටතේ වෙනත් රටවලට අපනයනය කිරීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ ඉල්ලීමක් අනුව නැවැත්වීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසිය.

රට තුළ හැකි තරම් කුරුඳු වැවීම අවශ්‍ය අතර කුරුඳු වලින් දියවැඩියාවට පිළියම් දිමට හැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ලෝක වෙළෙඳපොළේ 95% ක හිමිකම :

ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම ඇති ශ්‍රී ලංකාව අපනයනය කරනු ලබන කුරුඳු හා කුරුඳු නිෂ්පාදන වලින් 40-50% ක් පමණ ප්‍රමාණයක් මිල දී ගන්නේ මෙක්සිකෝවයි.

ලංකා කුරුඳු මිලදී ගන්නා අනෙකුත් ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය හා ලතින් ඇමරිකාව ඇතුලු රටවල් 73 කි.

සේෂෙල්ස් හා මැඩගස්කරයේත් බ්‍රිතාන්‍යයන් කුරුඳු වගා කළ ද නිසි පල නෙළා ගැනීමට නොහැකි වී තිබේ.

135ada48b34fc0876f8a822b646517ea L


(adiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top