Dec 20, 2016

ජනපතිට ජාත්‍යන්තර සම්මානයක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනැමිය.

ඊයේ (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපති වෙත මෙම සම්මානය පිරිනැමුණේ එම සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin අතිනි.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන අය වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද සමරසිංහ, පාඨලී චම්පික රණවක, ජොන් අමරතුංග, අර්ජුන රණතුංග ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති අතුල් කේෂප්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපති ගොල් ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PresidentMedal1 600px 16 12 20

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top