Dec 20, 2016

'ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගේනවා' - වජිර (වීඩියෝ ) Featured

ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුව නියෝජනය කරනතුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා කල ප්‍රකාශයට පිලිතුරු දෙමින් එජාපයේ ප්‍රබලයකු මෙන්ම, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් එවැනි සුපිරි ඇමතිවරයකු අත්‍යවශ්‍ය බවයි.

එක පැත්තකින් රට සිංගප්පූරුවක් මැලේසියාව කරන්න කතාකරන ගමන් එම රටවල් එසේ දියුණුව ලගා කර ගත්ත ආකාරය සහ ඒ වෙනුවෙන් භාවිතා කල සුපිරි බලතල ගැන කතා නොකිකිරීම විහිලුවක් බවත් රට සංවර්ධනය කිරීමට අවශ්‍යයි නම් ඊටත් වඩා බලතල ආර්ථික සංවර්ධනය කටයුතු සඳහා ලබාදිය යුතු බව ඔහු පැවසිය.

ඒ සුපිරි බලතල ලබාදීමට අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුව හරහා කිසිම පැකිලීමකින් තොරව ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඩිලාන් නැවත බැණ වදී:

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ සියලු වරප්‍රසාද සහ පහසුකම් ලබමින් ආණ්ඩුව විවේචනය නොකරන ලෙසත්, ආණ්ඩුවේ ඉන්න බැරි නම් එලියට යන ලෙසත් එජාප පසුපෙල මන්ත්‍රීවරුන් තිදෙනෙකු පසුගියදා ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාට දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් එල්ල කළේය.

ඊට පිළිතුරු දෙමින් ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කඹුරුපිටියේ පැවති ජනහමුවක් අමතමින්, ‘අලි නැට්ටේ මැස්සාගෙ බෙට්ට වගේ උන්’ උඩු බිරුවට තමන් බිය නැතැයි කියමින් මෙසේ අදහස් පල කලේය.

සබැඳි පුවත්

'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top