nsb

Dec 20, 2016

තවත් වෛරසයක් හිස ඔසවයි Featured

මේ දිනවල ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා ඒ නමැති වෛරස් රෝගයන් පැතිර යන බැවින් ඒ පිළිබදව වඩාත් කල්පනාකාරී වන ලෙස වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා සඳහන් කරයි.

මෙම රෝග දෙකම බොහෝ විට එක සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත් වේදනාව, උගුරේ වේදනාව, හිසරදය, හන්දිපත් වේදනාව, ශ්වසන අපහසුතාවන් වැනි රෝග ලක්ෂණයන් මතුවන බැවින් රුධිර පරීක්ෂණයකින් හා සෙම් පටල පරීක්ෂාවකින් පසුව පමණක් රෝගය හඳුනා ගත හැකි වන බව හෙතෙම පැවැසීය.

 කෙසේ නමුත් දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂණයක් කර එය ඩෙංගු ද  ඉන්ෆ්ලුවෙන්සාව ද යන්න තහවුරු කර ගත හැකි බව වෛද්‍ය ජූඩ් මහතා සඳහන් කරයි.

 මෙම වෛරස් රෝගයන්ට එතරම් බිය විය යුතු නොවන නමුත් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ඇඳ විවේකය, වැඩි වශයෙන් දියර පානය හා කය වෙහෙසා වැඩ නොකිරීම වැනි කරුණු අනුගමනය කරන්නේ නම් රෝගය සුව කර ගත හැකි වනු ඇතැයි ද හෙතෙම පැවැසීය.

 පුද්ගලයෙකුගේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණය මගින් වෛරස් රෝගයන් සුව වන නමුත් ප්‍රතිශක්තිකරණය අඩු ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගයන් පවතින පුද්ගලයන් හා වයස අවුරුදු 60 ඉක්මවූවන් ට වෛරසය ඇතුළු වූ පසුව විවිධ සංකූලතාවන් ඇතිවිය හැකි බැවින් ඔවුන් පිළිබද වැඩි අවධානයකින් කටයුතු කරන මෙන් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top