nsb

Dec 20, 2016

දේශීය ආදායම් සේවකයෝ සත්‍යග්‍රහයක

දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයින් පිරිසක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔවුන්ට හිමිවිය යුතු වාර්ෂික දිරිදීමනාව මෙතෙක් ලබානොදීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වන බව දේශීය ආදායම් වෘත්තීය සමිති සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ‘දේශීය ආදායම් දිරිගැන්වීම් අරමුදල’ මඟින් මාස 6කට වරක් ලබා දෙන දිරි දීමනාව පමා වීමට හේතු වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණ සිටින හොංකොං ජාතිකයන් තිදෙනාට වැටුප් සඳහා එම අරමුදලේ මුදල් යොදා ගැනීම නිසා බවට බරපතළ සැකයක් මතුව ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

සබැඳි පුවත්

දේශීය ආදායමේ සේවක දිරි දීමනාව අතුරුදහන් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top