nsb

Dec 20, 2016

සුපිරි ඇමතිධුරය : 'වජිරගේ මතයට විරුද්ධයි' - චන්දිම Featured

එක් පුද්ගලයෙකු වටා බලය විශාල වශයෙන් ගොනු කර සුපිරි ඇමතිවරයකු බිහිවන ආකාරයේ නීතිමය ප්‍රතිපාදනයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ගාල්ල දිස්ත්‍රීක් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී, ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

සමහරුන් පසුගිය කාලයේ සුපිරි ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම නිසා ආණ්ඩුවට වූ විනාශය මෙන්ම රටේ ඇතිවූ ව්‍යාකූලතාව ගැන තමන් දන්නා බව කී ඇමතිවරයා, මේ අවස්ථාවේදී සියලූ දෙනා අවධානය යොමු කළ යුත්තේ කඩිනමින් ආයෝජන ගෙනඒමට හා සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට යැයි ද සඳහන් කළේය.

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මෙම කාරණය සඳහන් කලේ, ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් සුපිරි ඇමතිවරයකු අත්‍යවශ්‍ය බවට ගාල්ල දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

කිසිම පැකිලීමකින් තොරව පාර්ලිමේන්තුව හරහා සුපිරි ඇමති බලතල ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් වජිර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුව නියෝජනය කරනතුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.


සබැඳි පුවත් :

'ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගෙනාවා' - වජිර

'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top