Dec 21, 2016

'කඩිනම් සංවර්ධනයට විශේෂ විධිවිධාන ගෙනවා' - අගමැති Featured

රට තුළකඩිනම් සංවර්ධනයක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 2667 කට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (20 දා) පැවැති උත්සවයකදී හෙතෙම මේ බව පැවැසීය.

රජයට පළාත් සභාවල බලය අවශ්‍ය නැති බවත් එම සභාවල සහාය ලබාගෙන මෙම පනත ක්‍රියාත්මක කරන බවත් පැවසූ අගමැතිවරයා එමගින් රට වේගවත් සංවර්ධනයක්‌ කරා පිය නඟනු ඇතැයිද කීය.

යහපාලන රජයේ පළමු වසර රට තුළ දේශපාලන ස්‌ථාවරයක්‌ ඇති කිරීමටත්, දෙවැනි වසර රටේ ණය බර පාලනය කිරීමටත් ගතවූ අතර ඉදිරි වසර කිහිපය රට සංවර්ධනය කරා ගෙන යැමට පියවර ගන්නා බව ද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිප මතය :

මේ අතර ඛනිජ තෙල් සංවර්ධන ඇමැති නීතිඥ චන්දිම වීරක්‌කොඩි මහතා ඊයේ (20 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුයේ, අධික බලතල සහිත සුපිරි ඇමැතිවරයකු නිර්මාණය කිරීමේ කටයුත්තට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තරයේ විරුද්ධ නමුත්, මෙරටට ආයෝජන අවස්‌ථාවන් කඩිනමින් ගෙන ඒම සහ සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සකස්‌ කිරීම සඳහා ශ්‍රීලනි පක්‍ෂය එකඟ බවයි.

තවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයා හමුවී සුපිරි ඇමැතිධුරයට විරෝධය පළකර ඇත.


සබැඳි පුවත් :

සුපිරි ඇමතිධුරය : 'වජිරගේ මතයට විරුද්ධයි' - චන්දිම

'ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගෙනාවා' - වජිර


'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top