Dec 21, 2016

"IOC බාල පෙට‍්‍රල් ගැන හොයනවා"

ඉන්දියානු තෙල් සමාගම (IOC) හරහා ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතිදැයි වහාම සොයා බලන බවත් එය තහවුරුවුවහොත් සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට සිදුවන ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය‘වේදීන් ඊයේ (20) අමාත්‍යවරයාගෙන් කළ ප‍්‍රශ්ණ කිරීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එවැනි ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවත්, ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් පවත්වාගෙන යන සිපෙට්කෝ පිරවුම් තුළ කිසිදු බාල ඉන්ධන නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්දියානු තෙල් සමාගම (IOC) පිළිබඳවද කරුණු සොයා බලන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top