Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 21, 2016

'පළාත් පාලන ආයතන අසමත්' : ජනපති කනස්සල්ලෙන් (වීඩියෝ)

පසුගිය දශක කිහිපය තුළ ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් දූෂණ, වංචා, අක්‍රමිකතා සිදු කරමින් බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් එම දේශපාලන පක්ෂත්, ඔවුන් නියෝජනය කළ රජයත්, ඔවුන්ගේ නායකයිනුත් ජනතා අප්‍රසාදයට පත් වූ බව බව ජනාධිපතිතුමා පවසයි.

එම දෝෂ රටේ පළාත් පාලනය අසමත් කිරීමට හේතු වූ බවට ජනාධිපතිවරයා කනස්සල්ල පල කළේය. ඒ පළාත් පාලන ආයතන ඇගයීම වෙනුවෙන් පවත්වන ලද “ස්වර්ණ පුරවර” සම්මාන උළෙලේදීය.

මේ වනවිට දේශපාලකයන්ගේ නායකත්වයෙන් තොර පළාත් පාලන ආයතන වල ‘වගකීම සහ වගවීම’ භාරගෙන මහජන සේවයේ යෙදෙන ලෙස ජනාධිපතිවරයා පරිපාලනය භාර  කොමසාරිස්වරුන්ගෙන් හා ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පළාත් පාලන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ස්වර්ණ පුරවර” සම්මාන උළෙල 20 අඟහරුවාදා පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී පැවැත්වුනු අතර පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ උත්පාදක ව්‍යාපෘති සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන දේශීය ණය සංවර්ධන අරමුදලේ නිල වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිනි.

මහ නගර සභා 23 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 271 ක් සහිත පළාත් පාලන ආයතන 335 ක දුර්වලතා සහ අභියෝග හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට මෙම සම්මාන උළෙල  තුළින් මග පෙන්වයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද, ආණ්ඩුකාරවරුන්, පළාත් අමාත්‍යවරුන්, පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්, ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීහු සම්මාන උළෙලට එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top