Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 21, 2016

දඩ වලට අලුත් කවුළුවක් අරී Featured

තැපැල් සේවකයන්ගේ වර්ජනය හේතුවෙන්  රථවාහන දඩ මුදල් ගෙවීමේදී අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් සියලුම දිස්ත්‍රික් කාර්යාල හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශේෂ කවුළු පිහිටුවා ඇත.

මෙම විශේෂ ගෙවීම් කවුළු ස්ථාපිත කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

පවතින තත්වය මත යම් අයෙකු‍ට ඊයේ දිනයේ දඩ ගෙවීමට නොහැකිවූයේ නම් ඒ සදහා සහනයක් ලබා දීමට කටයුතු කරන බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

තැපැල් මලු ගොඩගැහේ

වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ප්‍රමාදවී ඇති බව පැවසේ.

පෙරේදා (19දා) ආරම්භ වූ මෙම වැඩ වර්ජනය අදටත් ක්‍රියාත්මක වන අතර තැපැල් සේවකයින් අද බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වීමට සූදානව සිටියි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කරන්නේ සිය ගැටලු වලට විසදුම් නොලැබේ නම් දින 14 කට පසු අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top