Dec 21, 2016

මිරර් හෙළිකළ ලසන්ත හා සංවාදය සත්‍යබව මහින්ද කියයි Featured

ශ්‍රී ලංකා මිරර් විසින් පසුගියදා හෙළිකළ ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සමඟ සිදුකළ සංවාදය සත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.

වසර 2008 වසරේ සිදුවූ බවට පළවී ඇති මෙම දුරකථන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීහු අද (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් කළ විමසීමකදි ඔහු මේ බව හෙළිකළේය.

"යම් කිසි සත්‍යයක් තියෙනවා, මම කතා කරනවනේ එයාට, මට මතක නැහැ ඕක කතා කරාද කියලා, නමුත් එතුමත් එක්ක මම නිතරම කතා කරනවා ඒක අලුත් දෙයක් නෙවෙයි" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

කතාකරන සියළු දේ පටිගතකිරීමේ පුරුද්දක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට තිබුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. (දර්ශන - අද දෙරණ)

ලසන්ත හා සංවාදයේ වීඩියෝව

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top