nsb

Dec 22, 2016

මහ ඇමැතිවරු සුපිරි ඇමැතිට විරුද්ධයි ! Featured

සුපිරි ඇමැති ධුරයක්‌ ඇති කිරීම සඳහා වන යෝජනාව පළාත් සභාවල අනුමැතියට ඉදිරිපත් කළොත් ඊට විරුද්ධ වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ඇති පළාත් සභා හතක මහ ඇමැතිවරුන් තීරණය කර ඇත.

උතුර සහ නැගෙනහිර පළාත් සභාවල මහ ඇමැතිවරුන් දෙදෙනා සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර ඉහත යෝජනාවට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගවලට ඔවුන්ගේ ද සහයෝගය ලබා ගන්නා බව බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

බස්‌නාහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මේ බව පැවසූ ඒ මහතා, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභාවලට ලබා දී ඇති ඇතැම් බලතල මේ සුපිරි ඇමැතිවරයා යටතට පත් වන බව සිහිපත් කළේය.

පළාත් සභාවල මෙම යෝජනාව පරාජය වුවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක්‌ අවශ්‍ය බවත් එය ලබා ගැනීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීන් හා ඇමැතිවරුන් විරුද්ධ වීම නිසා රජයේ උත්සාහය පරාජයට පත් වන බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


පළාත් සභාවල බලය අවශ්‍ය නැ- අගමැති

මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පෙරේදා (20 දා) පැවැති උත්සවයකදී පැවසුයේ, රට තුළකඩිනම් සංවර්ධනයක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන නමුත්, රජයට පළාත් සභාවල බලය අවශ්‍ය නැති බවයි.

පළාත් සභාවල සහාය ලබාගෙන මෙම පනත ක්‍රියාත්මක කරන බව පැවසූ අගමැතිවරයා එමගින් රට වේගවත් සංවර්ධනයක්‌ කරා පිය නඟනු ඇතැයිද වැඩිදුරටත් කීය.

යහපාලන රජයේ පළමු වසර රට තුළ දේශපාලන ස්‌ථාවරයක්‌ ඇති කිරීමටත්, දෙවැනි වසර රටේ ණය බර පාලනය කිරීමටත් ගතවූ අතර ඉදිරි වසර කිහිපය රට සංවර්ධනය කරා ගෙන යැමට පියවර ගන්නා බව ද අගමැතිවරයා එහිදී පැවසීය.


සබැඳි පුවත් :


සුපිරි ඇමති’ පනත : 'වරදක් නැහැ, එත් කල්දම්මා' - එස්.බි.

'කඩිනම් සංවර්ධනයට විශේෂ විධිවිධාන ගෙනාවා' - අගමැති

සුපිරි ඇමතිධුරය : 'වජිරගේ මතයට විරුද්ධයි' - චන්දිම

'ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගෙනාවා' - වජිර


'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top