Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 22, 2016

TNA මන්ත්‍රීලාට 08දා කොළඹ පැමිණීම අනිවාර්ය කරලා Featured

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන ජනවාරි 08 වැනිදා අනිවාර්‍යයෙන්ම කොළඹට පැමිණෙන ලෙස එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දන්වා ඇතැයි වාර්තා වේ.

මේ අනුව එම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16 දෙනා 08 වැනිදා කොළඹ පැමිණීමට නියමිත බව පැවසේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මොවුන් කොළඹදී හමුවන බවද වාර්තා වේ.

අදාළ රැස්වීම මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු කිරීමට නියමිත බවද එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top