Dec 23, 2016

'2020 අගමැති ධුරයට වඩාත් සුදුස්‌සා චමල්' - ඩිලාන්

එළැඹෙන 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවේ අගමැති ධුරයට වඩාත්ම සුදුස්‌සා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කතා කරද්දී ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා පක්‍ෂ නායකත්වය පිළිගනිමින් ඉතා නිහතමානීව ක්‍රියාකරන බව හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරා වුවද ඔහු පසුගියදා තංගල්ලේ පැවැති රැස්‌වීමකදී පසුගිය ආණ්‌ඩුවේ ක්‍රියා කලාපය හිටපු ජනාධිපතිවරයා ඉදිරියේම දොෂ දර්ශනයට ලක්‌ කළ බවත් ඔහු පක්‍ෂය වෙනුවෙන් නිවැරැදිව ක්‍රියා කරන නිවැරැදිව දකින පුද්ගලයකු බවත් ඊයේ (22 දා) ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා ඇමැතිවරයා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top