nsb

Dec 23, 2016

චීනෙන් ඇවිත් කටුනායක අලුත් කරන විදිය Featured

වසර තිහකට පසු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 06 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබීමට නියමිතය.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කර ඇත්තේ එම කාළය තුළ දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බවයි.

නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 41 ක් වැය වන බවත් එය චීන සමාගමකට පවරා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ හරහා ලොව විශාලතම A-380 එයා බස් යානා කටුනායකට ගොඩ බැස්සවීමට අවස්ථාව ලැබෙන බවත්, නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය වසර 30 ක කාලයක් භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මත්තල කේස්

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය.

ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියි.

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණ කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් ගුවන් ගමන් කිහිපයක් මත්තල ගුවන් තොටුපොළ හරහා සිදු කිරීමට එකඟතාව පළ කර ඇති බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top