nsb

Dec 23, 2016

ලංකාවේ ගමක් ලෝක උරුමයක් වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ඉපැරණි ගම්මානය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුුව ඇතැයි වාර්තාවේ.

ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අවශ්‍ය බොහෝ සාධක හොරිවිල ගම්මානයේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනේ ශ්‍රී ලංකා උප නියෝජිත ආචාර්ය බී. ජී. පී. විජේත්න මහතා සදහන් කරයි.

දුර්ලභ එලන්ගා පද්ධතිය, වැව් 12 ක ජලය වැවකින් වැවකට සම්බන්ධ වීමෙන් සකස් වී ඇති පිරිමැසුම්දායක ක්‍රමය, භාවිත ගොවිතැන් රටාව, හෙළ පාරම්පරික වෙදකම, ගැමියන්ගේ ආහාර රටාව සහ දේශීය සටන් කලාව ඒ අතරින් ප්‍රධාන සාධක බවට පත්ව තිබේ.

ඒ පිළිබද වැඩිදුර අධ්‍යයනයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ කෘෂිකාර්මික ජාතික උරුමයන් පිළිබඳ විශේෂඥයන් පිරිසක් ද මේ දිනවල හොරිවිල ගම්මානයට පැමිණ සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top