15976 BM WEB BANNER 01
Dec 23, 2016

හිමාලෙත් ජය ගත්ත සරසවි සිසුන් මෙන්න

 සාර්ථක ලෙස හිමාලය තරණය කර යළි පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවිය ඇතුළු කණ්ඩායමට උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා අද (23දා) සිය සුබ පැතුම් එක්කළේය.

මෙම චාර්කාව පිළිබද එම සිසුන් මෙසේ අදහස් පළ කර සිටියේය.

‘ සීතල තමා ඉවසන්න බැරිවුණේ. නමුත් දිනෙන් දින ගත වෙද්දි අපි හැමෝම ඒ දේවල් වලට පුරුදු වුණා. සමහර තැන් වලදි නිවෙස් වල අයට පණිවිඩයක්වත් දෙන්නට නොහැකි වුණා.‘ යැයි හිමාල තරණයට මෙරට විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වු පළමු සිසුවිය වූ එම කණ්ඩාමේ ඔමේෂා ජයමිණි සිල්වා කීවාය.

‘ සියල්ලන්ම නවකයින් නවකයින් වුණාට කිසිදේකට පසු බැස්සෙ නෑ. ඇත්තටම මට විශාල සහයෝගයක් ලැබුණා‘ යැයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉංඡිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ මහතා කීවේය.

‘අපි ඇත්තටම හිම උඩ කඳු නැගල තිබ්බෙ නෑ. උඩට නගිද්දි නගිද්දි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමා අමාරුව.  ඒ පළාතෙ අයට  කඳු නගින්න පුදුම හැකියාවක් තියෙන්නෙ ඒ අය කදු වලම ජීවත් වෙන අය එයාලට කියන්නෙ “ ශර්පා “ කියලා‘ යැයි කණ්ඩායම් සාමාජික ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසු සකුන් උපේක්ෂණ පැවසීය.

හිමාලය තරණය අතරතුර  තම කණ්ඩායමේ ප්‍රණාම මතන්ගවීරගේ උපන්දිනය යෙදී තිබූ බවත් හිමාලය තරණය කරද්දීම එය සැමරීමට ලැබුණු බවත් ඔවුන් සදහන් කර සිටියි.

Himalaya

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top