Dec 23, 2016

පුංචි ඡන්දේ කල් දැමීමේ තැතක් ! Featured

පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමානිර්ණය පිළිබඳ අභියාචනා වාර්තාව දෙසැම්බර් 28 දින විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට ලබාදීමට නියමිතව තිබියදී ඔහු එම වාර්තාව භාරදීමට ප්‍රථම විදේශගතවීමට නියමිත බව වාර්තාවේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ බලතල ප්‍රකාරව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් අදාළ අභියාචනා කමිටුව පත්කරන ලද අතර එම වාර්තාව කමිටුව විසින් විෂයභාර අමාත්‍යවරයාට භාරදිය යුතුය.

විෂයභාර අමාත්‍යවරයා නොසිටියොත් එම වාර්තාව භාරදීමේ කටයුතු ද තවදුරටත් කල් යන අතර ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් තවදුරටත් කල් යනු ඇත.

ඊට හේතුව අදාළ වාර්තාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදු කළ යුතුවීමත්, වාර්තාව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමේ දින වකවානු තීරණය කරනු ලැබීමත්ය.

එළැඹෙන දිනවලදී විදේශ ගතවීම සඳහා සූදානමක් තිබේදැයි කළ විමසීමකදී ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පැවසුවේ සිය පියා සමඟ මාසය අවසානයේ මක්කම යෑමට නියමිත බවයි.

'පුංචි ඡන්දේ මැයි' -ජනපති කියයි

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇති බවත්, ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත්‍රීක් සහ ආසන සංවිධායකවරුන් සමග කොළඹ පදනම් ආයතනයේ 20දා පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top