Dec 24, 2016

ලසන්ත මහින්ද රහස් කතාවල අලුත් හඬපටය Featured

Exclusive - ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ තවත් රහස් දුරකථන සංවාදයක හඬපටයක් අපවෙත (www.srilankamirror.com) ලැබී තිබේ.

මීට පෙර අප ඔවුන් දෙදෙනා කළ රහස් සාකච්ඡාවක හඬපටයක් මුදා හැරි අතර එය තමාගේ හඬ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ පිළිගෙන තිබිණි.

කෙසේවුවද, ඒ සිදුවීම තමාට මතක නැති බවත්, ලසන්ත පුරුද්දක් ලෙස දුරකථන සංවාද පටිගතකරන බවද ඔහු හෙළි කළේය.

අප මෙවර මුදාහරින හඬපටය ලසන්ත ඝාතනයට පෙර ඔහු ඝාතන ලයිස්තුවක සිටින බවට තානාපති කාර්යාල වෙත යවා තිබූ ලයිස්තුව සම්බනධයෙන් ලසන්ත හා මහින්ද අතර ඇතිවූ සංවාදයකි.

මේ හඬපටයේ ආරම්භයේදීම දොස්තර ලෙස ලසන්ත හඳුන්වන්නේ මහින්දගේ ඥාති වෛද්‍යවරයෙක් බවට ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

- කැළුම් ශිවන්ත

අදාළ හඬපටය පහත දැක්වේ.


සබැඳි පුවත්

ලීඩර් ලසන්ත හා මහින්දගේ රහස් සාකච්ඡාවක හඬපටයක් !

මිරර් හෙළිකළ ලසන්ත හා සංවාදය සත්‍යබව මහින්ද කියයි

ලසන්ත මහින්ද රහස් කතාව යූ ටියුබ් දහවැනි තැනට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top