Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 25, 2016

රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව අභියාචනයක් Featured

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අධිකරණය ලබා දුන් නඩු තීන්දුවට තමන් එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.

නඩරාජා ඝාතන නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙනලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.


අධිකරණය පිළිබඳ විශ්වාසය ?


ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ නඩු තීන්දුව තුළින් තහවුරුවන බව පවසන මන්ත්‍රීවරයා, යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටින්නේ ද එවැනි තත්වයක් මත බවත් සඳහන් කළේය.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබිණි.

"රවිරාජ් මන්ත්‍රීතුමා ඝාතනය කරලා අවුරුදු දහයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් වරදකරුවන් කර නැහැ. උදේ වරුවේ ඔහු මරා දැම්මේ මහ පාරේ" පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(බිබිසි සංදේශය)

සබැඳි පුවත්

රවිරාජ් ඝාතන නඩුවෙන් බුද්ධි අංශ නිලධාරීන් නිදහස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top