Dec 25, 2016

පොලිස්පතිගේ පොලිස් පොල්ල මෝඩ තීන්දුවක් - කුසල් පෙරේරා Featured

පෞද්ගලික මාධ්‍ය වෙත දෛනික පොලිස් තොරතුරු නිවේදන ලබා නොදීමටත් පොලිස් මූලස්ථානයේ කිසිදු මාධ්‍ය හමුවකට නොකැඳවීමටත් පොලිස්පති ගනු ලැබූ තීන්දුව සමාජ ක්‍රියාකාරීන්ගේ අප්‍රසාදයට හා විරෝධයට ලක්ව ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් රත්නපුර උත්සවයකදී ඔහුට ලැබුණු දුර කතන ඇමතුමකට පිළිතුරු දීම එක් පෞද්ගලික දෘෂ්‍ය මාධ්‍ය ආයතනයක් විසින් විකාශනය කිරීමට එරෙහිව සියලූ පෞද්ගලික මාධ්‍ය වෙත තහංචි පැනවීමම වැරදියැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය ශ්‍රී ලංකා මිරර් සමගින් පැවසීය.

එය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය උල්ලංඝණය කරන්නක් යැයිද ඔවුහු පැවසූහ.

‘‘පොලිස්පතිගේ ඒ පෞද්ගලික මාධ්‍යයට එරෙහි තීන්දුව මෝඩ තීන්දුවක්. එයාට ලැබුණු දුර කතන ඇමතුමට උත්තර දීමේ අයිතිය එයාට තියෙනවා. ඒක විකාශනය කෙරුවට කේන්ති ගන්න අවශ්‍ය නැහැ.’’ ඒ සම්බන්ධයෙන් ‘‘ශිෂ්ටලංකා2015’’ එකමුතුව වෙනුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා අප සමග කරුණු පැහැදිලි කළේය.

එතුමා ලැහැස්ති නෑ ආණ්ඩුවෙන් බලපෑම් එනබව කියන්න...

‘‘පොලිස්පතිට තිබුණේ කියන්න, අහවලා මට කතා කළා අහවල් කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා මට ඒ ඇමතුමට උත්තර නොදී ඉන්න බැහැ කියලා. එතුමා ඒක කියන්න ලෑස්ති නැහැ. එතුමා ලැහැස්ති නැහැ එතුමගේ රාජකාරියට මේ ආණ්ඩුවෙනුත් බපලෑම් එන බව කියන්න. ඒවා වහන්න ගියාම තමයි, ඔය වගේ මෝඩ පහේ තීන්දු ගන්න වෙන්නේ.’’

‘‘අහවලා’’ කවුරුන්දැයි අප ඇසූ විට මාධ්‍යවෙදී කුසල් පෙරේරා කීවේ, ’’ඒක දැන් රටම දන්නවානේ. පාර්ලිමේන්තුවේ සාගල රත්නායක ඇමතිව නම් කෙරුණා. අනුර කුමාර මන්තත්‍රීවරයා සාගල රත්නායක ඇමතිවරයාට අභියෝග කෙරුවා දුර කතන ඇමතුම දුන්නේ ඔහු නෙවෙයි නම් ඒක කියන්න කියලා. ඒ අභියෝගය තවම බාර ගත්තේ නැහැනේ.’’ කියාය.

ඇමතිවරයාට විරුද්ධව කතා කළ යුතු සිවිල් සමාජ ක්‍රියාකාරීන් පොලිස්පතිට විරුද්ධව චෝදනා නැගීම ඔවුන්ද මේ ආණ්ඩුව බේරීමට ඉදිරිපත්වීමක් යැයිද, එයට පොලිස්පතිවරයාද හවුල්ව ඇතැයි ඔහු වැඩි දුරටත් කීවේය. ‘‘දැන් කරන්නේ ඔක්කොමලා එකතු වෙලා මාධ්‍යයට දඩුවම් කිරීමයි’’ මාධ්‍යවෙදී කුසල් පෙරේරා පැවසීය.

පොලිස්පතිකම පෞද්ගලික පලිගැනීමට ආයුධයක් කරගෙන

මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එහි සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුත් ලිපියක් ජනපතිතුමා වෙත යොමුකරමින් මෙය පොලිපතිවරයා විසින් සිය පුද්ගලික පළිගැනීම් සඳහා පොලිස්පති ධූරය ආයුධයක් කර ගැනීමක් බවට චෝදනා කර සිටී.

ජනපති වෙත යැවූ ලිපිය පහත දැක්වේ

To president police

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top