nsb

Dec 25, 2016

තිහකින් තිරිහන් වෙන්න දිව ඔසුවක්

මිනිස් සිරුරේ සෛල  සහ සියලු ඉන්ද්‍රියන් වසර 30 කින් තරුණ කිරීමට හා නිරෝගී කිරමේ හැකියාව සහිත නව සොයා ගැනීමක් සිදු කිරීමට අමෙරිකාවේ කැලිෆෝර්නියා හී සෝල්ක් පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

පර්යේෂකයන් මෙම සොයා ගැනීම නම් කර ඇත්තේ ‘මිනිස් සිරුර යළි බල ගැන්වීම’ ලෙසයි.

එහි මහාචාර්ය කාර්ලෝස් බෙල්මොන්ටේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ  මේ පරීක්ෂණය සාර්ථක වුවහොත් මිනිසාගේ ආයුෂ වසර 30 කින් පමණ තරුණ වනු ඇති බවයි. ඒ අනුව දැනට එංගලන්තයේ අවුරුදු 81 ක් වන කාන්තාවකගේ  ආයු අපේක්ෂාව ඒ අනුව අවුරුදු 111 තෙක් වර්ධනය වනු ඇත.

මිනිස් ආයුෂ වැඩි කිරීම එක් ක්‍රියාවලියකින් පමණක් සිදු කළ නොහැකි බවත්   සිරුරේ සියලු සෛලවලට  බලපාන පරිදි කළයුතු බලගැන්වීමක් ඒ සඳහා අවශ්‍ය බවත්  මෙහි දී තහවුරුව ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාව වැනි රටක දැනට පවතින අවුරුදු 75 ක් පමණ වන ආයු අපේක්ෂාව ඒ අනුව 105 ක් දක්වා ඉහළ යාමේ ඉඩකඩක් පවතියි.

ඉදිරි වසර 10 තුළ මෙම සෛල  නවීකරණ ව්‍යාපෘතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම මෙහි  පිළිකා අවදානමක් ඇත්දැයි සොයා බැලීම වෙනුවෙන් ද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පර්යේෂකයන් නිවේදනය කර ඇත.

මෙය මිනිසා දිගු කාලයක් තිස්සේ අමරණීය වීමට ගන්නා උත්සාහයේ තවත් පියවරක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top