nsb

Dec 25, 2016

ගෝල්ෆේස් නත්තල් ගහට ගිනස් යන්න බෑ Featured

ලොව උසම නත්තල් ගස ගාළුමුවදොර ඉදිවූ නත්තල් ගස නොවන බව වාර්තා වේ.

ඒ අනුව එයට ගිනස් වාර්තා අතරට යාමේ අවදානමක් මතුව ඇති බවද පැවසේ.

මාධ්‍ය වාර්තාවලට අනුව ගාළුමුවදොර ඉදිවූ නත්තල් ගසේ උස මීටර් 73ක් වන බවත්, එය උසම නත්තල් ගසට වඩා මීටර් 18ක් උස බවද වාර්තා කර තිබේ.

යකඩ හා වයර්වලින් තනන ලද රාමුව ප්ලාස්ටික් දැලකින් ආවරණය කරමින් නිර්මාණය කර ඇති මේ නත්තල් ගසේ එල්.ඊ.ඩී. බල්බ ලක්ෂ 6ක් ඇත.

එය නිර්මාණයට ඇමරිකානු ඩොලර් 80,000ක් වැයවූ බව පැවසේ.

ගිනස් ලෝක වාර්තා වෙබ් අඩවියට අනුව ලොව උසම නත්තල් ගස වන්නේ බ්‍රසීලයේ අරකැජු නගරයේ 2009 වසරේ දී ඉදිකෙරුණු නත්තල් ගසයි.

එය අඩි 419.91 (මීටර් 127.99) ක උසකින් යුක්ත වූ බව එහි දැක්වේ.

එම දත්ත ඇතුලත් පිටුවේ ඡායාරූපයක් පහත දැක්වේ.
Largest Christmas tree structure Guinness World Records

එසේම ගාළුමුවදොර නත්තල් ගස විවෘත කිරීමට පෙර එය ලොව උසම නත්තල් ගස ලෙස දක්වමින් වරාය හා නාවුක අමාත්‍ය කාර්යාල මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
Chrimasmedia

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top