Dec 26, 2016

නෙළුම් පොකුණේ කැරොල් අතර කුණුහරුප Featured

ශ්‍රී ලංකාවේ විශාලතම නත්තල් කැරොල් සේවාවක් වැරදීමකින් නැසීගිය ඇමරිකානු රැප් සංගීතවේදී ටූපැක් ෂාකුර්ගේ රැප් ගීතයක් සම්පූර්ණයෙන් ඔවුන්ගේ පොත් පිංචේ මුද්‍රණයකර තිබේ.

අදාල වැඩසටහනට නෙළුම් පොකුණේ දහස් ගණනක් ජනතාව රැස්ව සිට ඇති අතර, තමා වෙත ලැබුණු විස්තර පොත් පිංච විවෘත කිරීමෙන් පසුව දැක ඇත්තේ 'යෝනිය', පළිගැනීම වැනි වචන ද සහිත ටූපැක් ෂාකූර්ගේ හේල් මේරි නම් ගීතය ඊට ඇතුළත් කර ඇති අයුරුය.

අදාළ පොත් පිංච ලද එහි සිටි පුද්ගලයන් එහි ඡායාරූප ෆේස්බුක් හා අනෙකුත් සමාජ ජාල වෙත යොමුකර තිබේ.

ඒ අනුව මේ වන විට අදාළ පොත් පිංචෙහි ඡායාරූප ෆේස්බුක් හි ලාංකික ප්‍රජාව අතර පැතිරෙමින් ඇත.

අදාළ ඡායාරූප පහත දැක්වේ.
1.images article 2016 12 24 tupacinsert1

2.images article 2016 12 24 tupacinsert2

4.Screenshot

Tupac 1

Tupac 2

අදාළ සිද්ධිය විදෙස් වෙබ් අඩවිද වාර්තා කර ඇති එම පුවත වාර්තා කර තිබුනේ මෙසේය.
3.Web

මේ අතර ලොව විශාලතම නත්තල් ගස බවට පැවසෙන ශ්‍රී ලංකාවේ ඉදි කරනු ලැබූ නත්තල් ගස පිළිබඳවත් මෙවැනිම ඡායාරූප විවිධ අදහස් සමඟ සමාජජාලවල පැතිරෙමින් තිබේ.

5.Tree 1

ප්‍රසිද්ධ සංගීතඥ ඉරාජ වීරරත්න මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ එම නත්තල් ගස රොකට්ටුවක් ලෙස පෙනෙන බවයි.
6.Tree 2

- KS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top