nsb

Dec 26, 2016

යහ පාලනයේ කරපිටින් සාරුවා සුනිල් යළි කරලියට

අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ (25)  පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානයේ කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් මහතා සම්බන්ධවී සිටි බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, යහ පාලනය බලයට පැමිණියේ සාරුවා සුනිල් ස්ත්‍රී දූෂකයෙක් ලෙස දරුණු විවේචන එල්ලකරමිනි.

ඔහු පසුගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අපේක්ෂකත්වය ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදීද ශ්‍රීලනිප ප්‍රධානීන් විසින් එය ප්‍රතික්ෂේප කළේය.

ඊයේ (25) ශ්‍රීලනිපයේ මධ්‍ය සංවිධානයේ කටයුතු සංවිධානය කිරීමට ප්‍රධාන වී ඇත්තේ මනෝජ් සිරිසේන මහතා වන අතර එහි විශේෂිත ආරාධිතයන් ලෙස අමාත්‍ය ලක්ෂමන් යාපා හා ඩිලාන් පෙරේරා සහභාගිවී ඇත.

මේ අතර සරුවා සුනිල් මහතා ,ආණ්ඩුවේ ලොක්කන් සමග තමාට තිබූ ගැටුම් දැන් අවසන් වී ඇති බවත් තමාට ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉන්ධන පිරවුම් හලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි ද ජනතාවට කියමින් සිටින බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ.

වසර 2012 මැයි 23ත් මැයි 30ත් අතර කාලසීමාවේදී අකුරැස්ස නගරයේ ලැගුම්හලකදී 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සාරුව ලියනගේට චෝදනා ඒල්ලවූ අතර 2012 ජූලි 04 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු මාස 2කකුත් දින 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත මුදාහැරිනි.

KS

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top