Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 26, 2016

පොලිස්පතිගේ වාරණයක් නෑ කියයි

පෞද්ගලික මාධ්‍ය වෙත දෛනික පොලිස් තොරතුරු නිවේදන ලබා නොදීමටත් පොලිස් මූලස්ථානයේ කිසිදු මාධ්‍ය හමුවකට නොකැඳවීමටත්  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නියෝග කර ඇති බවට මාධ්‍ය වාර්තා කළත් එවැනි වාරණයක් පොලිස්පති පනවා නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (26දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මීට ඉහතදී අවසන් වරට පොලිස් ප්‍රවෘත්තියක් විද්‍යුත් තැපෑල හරහා යොමුකළේ පසුගිය 20 දා බවට තොරතුරු වාර්තා වේ.

සබැඳි පුවත්
පොලිස්පතිගේ පොලිස් පොල්ල මෝඩ තීන්දුවක් - කුසල් පෙරේරා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top