Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 26, 2016

රෝසිගේ දුව චන්ද්‍රිකාට හා රනිල්ට අවනම්බු කරලා ! Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශිකාව වන රෝසි සේනානායක මහත්මියගේ දියණි තිසක්‍යා මායා සේනානායකගේ විවාහ මංගල්‍ය උත්සවයේදී විවාහපත් යුවල විසින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා අග්‍රාමාත්‍යවරයාට අවමන් කළ බවට දැඩි කතා බහක් මතුව තිබේ.

අදාළ විවාහ මංගල්‍යය පසුගිය 23 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති අතර රෝසිගේ දියණියගේ අතගත්තේ හිටපු හමුදාපතිවරයකු වන ජෙරී සිල්වා මහතාගේ දියණිය වන ලක්ෂිකාගේ පුතු ශලකය.

ThishakyaShalaka 670px 26 12 16තිසක්‍යා හා ශලක සිය විවාහ මංගල්‍යට පැමිණි අමුත්තන් මේසයෙන් මේසය වෙත ගොස් පිළිගැනීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිටි මේසය වෙත ගියද ඔවුන් දෙපළ ඈත් එක්කොට ආයුබෝවන් කියා පිළිගෙන ඇත්තේ ජනපතිවරයා පමණි.

එසේ ජනපතිවරයා පමණක් පිළිගත් ඔවුන් දෙපළ ඊළඟ මේසයේ සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙපා අල්ලා වැඳ ඔහුගෙන් ආහිර්වාද ගෙන ඇති බව පැවසේ.

මේ සිද්ධියෙන් අගමැතිවරයා හා හිටපු ජනපතිනිය දැඩි කනස්සල්ලට පත්වූ බවද පැවසේ.

හිටපු හමුදාපතිවරයකු වන ජෙරී සිල්වා මහතාගේ දියණිය වන ලක්ෂිකා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කිට්ටුම හිතවතෙක් බවද වාර්තා වේ.

එසේම ශ්‍රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේ (CHOGM) සංවිධාන කටයුතු කළ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා තිසක්‍යා මායා සේනානායක ද එහි සංවිධාන කටයුතු සඳහා එක්කරගෙන තිබිණි.

කෙසේවුවද, රෝසි සේනානායක මහත්මියගේ පුතුද මේවන විට රජ්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටී.

එම විවාහ මංගල්‍යයේ වීඩියෝ පටයක් පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top