15976 BM WEB BANNER 01
Dec 27, 2016

සීමා නිර්ණ කමිටු වාර්තාව බාරගන්න බලධාරියෙක් නැහැ ! Featured

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාව සකසා මේවනවිට දින ගණනාවක් ගෙවී ඇතත් එය බාරදීමට නිසි බලධාරියකු නොමැති තත්වයක් තුල එම කමිටුවේ සභාපති අශෝක පීරිස්‌ මහතා බලවත් අර්බුදයකට මුහුණදී සිටියි.

අද දිනයෙදී වාර්තාව භාරදෙන බව තමා විසින් කලින් ප්‍රකාශ කරන ලද නමුත් ඇමැතිවරයා විදේශගතවීම නිසා තමා දැඩි අසීරුතාවට පත් වූ බව ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පීරිස්‌ මහතා පැවසිය.

නීත්‍යනුකූලව මෙම වාර්තාව භාරදිය යුත්තේ පළාත් පාලන හා පළාත් සභා විෂය භාර ඇමැතිවරයාට බව ද එහෙත් ඇමැතිවරයා මේ වන විට විදේශගතව සිටින බවත්, වැඩබලන ඇමැතිවරයකු හෝ පත්කර නොමැති නිසා මෙම අර්බුදය පැනනැගී ඇති බවත් හෙතෙම කීය.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා වෙත මෙම වාර්තාව බාරදීමෙන් පලක් නොවන බවත්, ඊට ප්‍රතිපාදන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වාර්තාව වෙළුම් තුනකින් සමන්විත වන අතර සීමා නිර්ණ වාර්තාව, කොට්‌ඨාස නිර්ණ වාර්තාව හා සිතියම් වාර්තාව ඊට ඇතුළත් වන බව කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා කියා සිටියේය.

'ගැසට්‌ නොකළොත් උසාවි යනවා'

UdayaGammanpila 600px 16 12 06මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාව ගැසට්‌ නිවේදනයක්‌ මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් නොකළහොත් ඊට එරෙහිව රිට්‌ නියෝගයක්‌ ලබා ගැනීමට අධිකරණය හමුවට යන බවයි.

මේ වන විට පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා විදේශගත වී සිටින බවට විවිධ ප්‍රකාශ නිකුත් වන බව ද ඇමැතිවරයා විදේශගත වුව ද නියෝජ්‍ය ඇමැතිවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට එම වාර්තාව ගැසට්‌ නිවේදනයක්‌ මඟින් ප්‍රකාශයට පත් කළ හැකි බව ද මන්ත්‍රීවරයා කීය.

සබැඳි පුවත්

ෆයිසර් රටගිය හේතුව ගැන කැෆේ වෙතින් නිවේදනයක්

පුංචි ඡන්දේ කල් දැමීමේ තැතක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top