15976 BM WEB BANNER 01
Dec 27, 2016

'අලුත් ඡන්ද ක්‍රමයෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැහැ' Featured

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටුව විසින් ලබා දෙන වාර්තාවට අනුව නව ක්‍රමයට පළාත් පාලන ඡන්දය පැවැත්වුවත් එයින් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබෙන බව එම කමිටුවේ බහුතරයකගේ මතය වී ඇතැයි වාර්තාවේ.

වාර්තාව සැකසෙන්නේ පළාත් පාලන ආයතන කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීම සඳහාය.

මේ ක්‍රමයේදී සුළු ජන කොටස් සඳහා පළාත් පාලන ආයතනවල තිබූ නියෝජනය නැති වන බවත් එමෙන්ම ජනගහනය වැඩි පළාත් පාලන ආයතන සඳහා වැඩි සංඛ්‍යාවක් ලබා දීමට හැකියාවක් නැති බවත් එම කමිටුව සඳහන් කරයි.

එමෙන්ම දැනට පවතින පළාත් පාලන ආයතන මුලදී බෙදා වෙන් කිරීමේදී සීමාවන් පිළිබඳ ගැටලු ඇතිව තිබුණත් එවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට කමිටුවට බලයක් ලබා දී නැති බවද එම ගැටලුවලට විසඳුම් ලබා නොදී කොට්ඨාස නිර්ණය කිරීමෙන් පලක් නොවන බවද කමිටු සාමාජිකයෝ පවසති.

තවද අලුත් ඡන්ද ක්‍රමයෙන් සුළු පක්ෂවලට නියෝජනයක් ලබා ගැනීමට තිබූ හැකියාවද අහිමි වී ඇතැයි එම කමිටුවේ නියෝජිතයකු වූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කරයි.

පළාත් පාලන ආයතන සීමා නිර්ණ අභියාචනා කමිටුව හිටපු ජ්‍යෙයෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකුද වූ අසෝක පීරිස් මහතාගේ සහභාගිත්වයෙන් යුතු පුද්ගලයන් පස් දෙනකුගෙන් සමන්විත විය.

තමන්ද ඇතුළු කමිටුව වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 23 වැනිදා (සිකුරාදා) පස්වරුවේ අගමැතිවරයා මුණගැසුණු බවත්, කොට්ඨාස සීමා නිර්ණයේදී ඇතිවූ බාධා සහ ගැටලු මෙන්ම වාර්තාවේ ඇතැයි හැඟෙන අඩුපාඩු පිළිබඳව වෙනම වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළ බවත් මාධ්‍ය විසින් කළ විමසීමකදී කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

(මූලාශ්‍රය - මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top