Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 27, 2016

අකිල පෙළ පොත් වලට කරන්න යන දේ

කිලිටි වූ විටක මකා පිස දමා හෝ සෝදා අවුරුදු අටක් පමණ භාවිතා කල හැකි සින්තටික් පෙළ පොතක් හදුන්වාදීමට අධ්‍යාපන අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සැලසුම් කර තිබේ.

පරිසර හානිය අවම කිරීමට සහ නාස්තිය අවම කිරීමට මෙම පෙළපොත් නිෂ්පාදනය මගින් බලාපොරොත්තු වන අතර නියමිත කාලයෙන් පසුව එම පොත් නිර්මාණය කල සමාගම විසින්ම ප්‍රතිචක්‍රීයකරනය කෙරෙනු ඇත.

ප්ලාස්ටික් පොත් කරන එකම රට

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්මෙින් පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම  නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ලෝකය පුරා පාසල් පෙල පොත් විද්‍යුත් පොත් බවට පෙරලීමේ ප්‍රවණතාවයක් ඇතත් ප්ලාස්ටික් පොත් කිරීමේ ව්‍යාපෘතියක් ලෝකයේ කිසිම රටකින් වාර්තා නොවන බවයි.

'අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳ පත් කරපු විශේෂඥ කමිටුවේ නිර්දේශය වුණේ පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම නිසි අධ්‍යනයකින් තොරව ප්ලාස්ටික් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා.  විශේෂයෙන්ම මෙවැනි පොත් තොගයක් ප්‍රතිචක්‍රිකරණය කිරීම දැවැන්ත ප්‍රශ්නයක්.  දරුවන් දිනපතා ප්ලාස්ටික් පොත් පරිහරණයෙන් ඇති විය හැකි රෝග පිලිබඳ  වෛද්‍ය අධ්‍යනයක් අවශ්‍යයි.  නමුත් ඒ නිර්දේශ වලට පයින් ගහලා ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා.  මේ වගේ අමන වැඩ කරන්න එපා කියලා අපි අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලනවා.'

යනුවෙන් මන්ත්‍රීවයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top