nsb

Dec 27, 2016

සීමා නීර්ණ වාර්තාවට බාලගිරි දෝෂය : ජනවාරියට කල්යයි Featured

සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව අද දිනයේදී ලබාදීමට හැකියාවක් නොමැති බව එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයක දෙමළ භාෂා පරිවර්ථකයන් පරික්ෂා නොකිරීම ඊට හේතුව බව ඔහු පැවසිය.

ඒ සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව  ද සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

ඉදිරි සතියේ ?

මේ අතර, මැතිවරණ සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැන්වීම පිණිස ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොමිෂන් සභාවේ වාර්තාව පිළියෙල කොට අවසන් බැවින්, අගමැතිවරයා වෙත එය පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කොමිසම ඉල්ලීමක් කර තිබෙන බව අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොමිසම සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයන්ටද අවස්ථාවක් ලබාදීම් වස් ඒ සඳහා ඉදිරි සතියේ දිනයක් ලබාදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පළාත් පාලන සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදේශගතව සිටින බැවින් කොමිසමේ වාර්තාව භාරදීම සම්බන්ධ අර්බුදයකට මුහුණ දී සිටින බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා අද (27) උදැසන 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.


 සබැඳි පුවත්

සීමා නිර්ණ කමිටු වාර්තාව බාරගන්න බලධාරියෙක් නැහැ !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top