Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 28, 2016

ප්‍රතිපත්තිමය හේතුවකට දයාගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ මාධ්‍ය ලේකම්තනතුරේ කටයුතු කළ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා ඉල්ලා අස්වී තිබේ.

ප්‍රතිමත්තිමය තීරණයක් මත ඔහු අදාළ තනතුරෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යවෙත විද්‍යුත් පණිවුඩයක් යොමුකරමින් දක්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කර විකාශය කරනු ලැබු “21 වෙනි සියවසයේ 21 වැනිදා“ සජීව විකාශයට ද එක්වූ ඔහු යහපාලන ආණ්ඩුව ගෙනඒමට විශාල කර්තව්‍යක් කළ බවද එහිදී කියා සිටියේය.

රාජාණ්ඩු පෙරළන එක, ටයර් පෙරළනවා වගේ ත්‍රිල් වැඩක් නොවන බවද තෙන්නකෝන් මහතා එහිදී කීය.

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ලේකම් ධූරවලට ගොස් මෑතකදී ඒවායින් ඉල්ලා අස්වූ දෙවැන්නා මොහුය.

මීට පෙර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයාව සිටි ප්‍රසන්න අධිකාරී මහතාද ඉන් ඉවත් විය.

අදාළ විද්‍යුත් පණිවුඩයෙක් මින් ඉදිරියේ දී වෘත්තීය ජීවිතයේ දී මෙන්ම රටට යහපත් හෙට දවසක් වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂිත සියලු කටයුතු වල දී මාධ්‍ය සහය අපේක්ෂා කරණ බවද ප්‍රභාෂණ මහතා දක්වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top