Dec 28, 2016

අවම මිල ටෙන්ඩරය කැපුවෙ කව්ද? Featured

මාලිගාවත්ත දුම්රිය අංගණ මැදිරි ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහා සිදුකළ ටෙන්ඩර කැඳවීමේදී රුපියල් ලක්ෂ 30කට ඉදිරිපත් වූ ටෙන්ඩරය ඉවත දමා රුපියල් ලක්ෂ 93ක ටෙන්ඩරයකට අවස්ථාව ලබා දී ඇති බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

එක් මාසයක් වෙනුවෙන් මෙම ටෙන්ඩර් මුදල ඉදිරිපත් වී තිබෙන බවත්, සමස්ත ටෙන්ඩර් කාලය මාස 24 ක් බවත් එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 93කට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම මීට වසර තුනකට පෙර සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී මෙම කටයුත්ත ලක්ෂ 18කට සිදු කිරීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ බවත්, එහෙත් එම ටෙන්ඩරය අවලංගු වූ බවත් හෙතෙම පවසා සිටියේය.

 මෙම තීරණයට අනුව වසර දෙකක් තුළ දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 2,232 ක මුදලක් අහිමි වන බවත් හෙතෙම සඳහන් කළේය.

 මෙය ක්‍රියාත්මක කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top