Dec 28, 2016

SB ගේ සැප වාහන කතාවට රන්ජන්ගෙන් පිළිතුරක්

තම වාහනය කබලක් බවට බොහෝ අමාත්‍යවරුන්ට සිතුනත් එය තමන්ට හොඳ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුම මගින් සදහන් කර සිටියි.  තම ජීප් රථය 2010 වසරේදී නිෂ්පාදනය කළත් එය හොඳින් භාවිත කළ හැකි බවත් තමාට ජනතා මුදලින් සැප විදිය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

13288

 අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී  පවසා සිටියේ සිය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අමාත්‍යාංශය මගින් නවීන වාහන දෙකක් ලබාදුන්නත් එය ඔහු ප්‍රතික්ෂේප කරමින් 'ටොයෝටා කබලක්' භාවිතා කරන බවයි.

නිතර ඇවිදින අය වශයෙන් ටිකක් හොඳ මෝටර් රථයක යා යුතු බවත්, එසේ නොවුවහොත් වයසත් සමග එය එතරම් ඇඟට ගුණ නැති බවත් කී ඒ මහතා, තමන් නිතරම නිරෝගීව සිටීමට කැමැත්තක් දක්වන බවද එහිදී සඳහන් කර සි‍ටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top