nsb

Dec 28, 2016

උසස් පෙල සිංහල විෂය නිර්දේශයෙන් පැරණි කවියෝ හලලා

වසර 2017 උසස් පෙල සිංහල විෂයයට අදාළව තිබූ නිර්දේශයෙන් කවියේ හා කෙටිකතාවේ සන්ධිස්ථාන සටහන් කොට සිටි නිර්මාණකරුවන් රැසකගෙ කවි හා කෙටිකතා ඉවත්කර ඇති බවට සාහිත්‍යවේදීහු චෝදනා එල්ලකර සිටී.

ඔවුන් ජනපති, අගමැති හා විශයභාර අමාත්‍යවරයාට විවෘත සංදේශයක් ඉදිරිපත් කරමින් මේ චෝදනාව එල්ලකර තිබේ.

වසර 2009 සිට 2016 දක්වාම කවියේ හා කෙටිකතාවේ සන්ධිස්ථාන සටහන් කොට සිටි නිර්මාණකරුවන් රැසකගෙ කවි හා කෙටිකතා උසස් පෙල විශය නිර්දේශයට අයත්ව තිබූ බවද ඔවුහු කියති.

යහපාලනයේ අයිතිකරුවෙක් යැයි කියන මහාචාර්යවර්යෙක් තමන්ගේ ගෝලයෙක් හා එක් වී මේ ක්‍රියාව සිදු කර ඇති බවද පැවසේ.

මෙම ඊනියා මහාචාර්යවරුන්ට අනුව අපේ දරුවන්, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, ජී.එච්.පෙරේරා, රැයිපියෙල් තෙන්නකෝන්, ඇස්.මහින්ද හිමි, සාගර පලන්සූරිය, විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරෙරා ආදී වූ සිංහල කවියේ ආරම්භක කොළඹ යුගය නියෝජනය කළ විශිෂ්ටයන්ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳ උගත යුතු නැති බව පෙනී යන්නේ යැයි ඔවුන්ගේ විවෘත සංදේශයේ දැක්වේ.

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

“ ගරු ජනාධිපතිතුමනි, සිංහල කවිය හා එහි ඉතිහාසය පිළිබඳ ඉගැන්වීමකදී ඇස්. මහින්ද හිමිගේ හෝ විමලරත්න කුමාරගමගේ කවි අමතක කොට උගන්වන්නේ කුමන කවක් ද?

ඉන් පසු පරම්පරාව, විමල් දිසානායක, මහගම සේකර යුගයේ දී සිංහල කවියෙ විශිෂ්ට නිර්මාණ කළ පෙර නිර්දේශයෙහි වූ විමල් දිසානායක ගේ නිර්මාන ඉවත් කළ හැකි ද? 70 දශකයේ පුරෝගාමී කවීන් වූ පරාක්‍රම, මොනිකා හා බුද්ධදාස ගලප්පත්ති අතරින් පෙර නිර්දේශයට අයත්ව සිටි ගලප්පත්ති කවියා ඉවත් කර්න්නේ කුමන පදනමකින්ද? 80 දශකයේ ප්‍රමුඛ කවීන්වූ 2009 නිර්දේශයට අයතව සිටි රත්න ශ්‍රී, නන්දන වීරසිංහ හා ආරියවංශ රණවීර ආදි වූ විශිෂ්ටයන් අතරින් නන්දන හා රණවීරගේ කවි කපන්නේ කෙලෙසද?

කෙටිකතාව මේ මුග්ධයන් අතින් ඝාතනය වන්නේ පෙර නිර්දේශයට අයත්ව සිටි සෝමරත්න බාලසූරිය,රංජිත්ධර්මකීර්ති,ජයතිලක කම්මැල්ලවීර ආදී විශිෂ්ටයන්ගේ කතා ඉවත් කරමිනි.බාලසූරිය වැනි කතාකරුවෙකුගේ නිර්මාණ මෙරට කෙටිකතාවේ නව මාවතක් විවර කල බව මේ අමනයන්ට අමතක වන්නේ ඔවුන්ගේ අල්පශ්‍රත දැනුම නිසා නොවේ ද?

මහාචාර්ය තිස්ස කාරියවසම් වැනි ශ්‍රාස්තවන්තයන් සිටි ජාතික අධ්‍යාපන ආයතනයට අම්බරුවන් රිංගා සිදු කොට ඇති මේ අපරාධය පිළිබඳ, එහි අධ්‍යක්ෂිකාව,අධ්‍යයන කටයුතු මණ්ඩලයේ සභාපති ඇතුළු සාමාජිකයන් වගකීම භාරගත යුතුවා පමනක් නොව, වහාම මේ අපරාධය නැවැත්වීමට ද කටයුතු කළ යුතුය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top