nsb

Dec 28, 2016

දේපළ සංවර්ධන දියුණුවත් එක්ක ආයෝජනත් ඒවි - මංගල Featured

ඉදිරියේදී දේපළ සංවර්ධන ක්ෂේත්‍රය නියත වශයෙන් වැඩිදියුණු වන බවත්, එමගින් මෙරටට ආයෝජන ගෙන ඒමේ විශාල හැකියාවක් පවතින බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය - මංගල සමරවීර මහතා පවසයි.
කොළඹ හැව්ලොක් සිටී ව්‍යාපෘතියේ වාණිජ සංවර්ධන ඉදිකිරීමේ කටයුතු වල සමාරම්භය සටහන් කිරීමට අද (28) පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.
 
ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව ඉදිවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය, කොළඹ නගරාසන්න ප්‍රදේශ වල ඇති නිවාස සඳහා මෙන්ම කාර්යාල පරිශ්‍ර හා සාප්පු සංකීර්ණ සඳහා ඇති ඉල්ලුමට විසඳමක් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
 
තවද, මේ සඳහා යොදාගෙන ඇති ආර්ථික උපායමාර්ග මගින් ආදායම් මෙන්ම සංචාරක කර්මාන්තයද දියුණු වනු ඇති බවට තමාට කිසිඳු සැකයක් නැති බවත්, මෙම ව්‍යාපෘතියට හදවතින්ම සුබපතන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය - චම්පික රණවක, විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය - ආචාර්ය සරත් අමුණුගම, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි හා ඕවස්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී සභාපති - එස්.පී. ටාඕ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

MangalaS HavlockCity1 670px 16 12 28.jpgMangalaS HavlockCity2 670px 16 12 28.jpgMangalaS HavlockCity3 670px 16 12 28MangalaS HavlockCity4 670px 16 12 28.jpg

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top