Dec 29, 2016

''රෙද්දේ තුත්තිරිනම් පත්තිනි අම්මත් සැකකරන්න'' - (වීඩියෝ) Featured

ආණ්ඩුව තුළ සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ව්‍යාජ එජාප විරෝධයක් මවාපාන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ඊයේ (28) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පරාජය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් පිළිබඳ ආඩම්බර වන බව ද ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''පත්තිනි අම්මා වුණත් සැක කරන්න”

“අපිට චෝදනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න හදන්නේ අපියි කියලා..හැබැයි 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එජාපය ගෙන යන මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ඔය ශ්‍රීලනිපය ඇතුලෙ ඉන්නවා. සැබෑ එජාප විරෝධී කොටසකුත් මේකෙ ඉන්නවා.. ඒ අයට අපි ගරු කරනවා.

මේ තෝරා බේරා ගැනීම අසීරු නිසා..අපි කියනවා.. රෙද්දෙ තුත්තිරි ඇලවිලා තියෙනවා නම් කරුණාකරලා පත්තිනි අම්මා වුණත් සැක කරන්න.”

(දර්ශන අනුග්‍රහය - ලයිව් ඇට් 8)

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විදේශගත වීම සීමා නිර්ණ වාර්තාව තවදුරටත් ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top