Dec 29, 2016

දෙමළ ජනතාව අසරණ වූ හේතුව විජයකලා කියයි Featured

යහපාලන රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැන්නක් සිදු නොවන බව වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ  කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට  නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීම වෙනුවෙන් ඊයේ (28) සවස පැවති උත්සවයකදී ඇය මේ බව කියා සිටියාය.

දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප්‍රභාකරන් මිය ගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් ඇය සදහන් කර සිටියාය.

වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡන්දය ලබාදුන්නද එම ක්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් නොවිසදෙන බව ඇය පෙන්වා දෙයි.
 
ප්‍රභාකරන් මිය ගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බවත් විවිධ වරප්‍රසාද හා තාන්න මාන්නවලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප්‍රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ද පාවා දී ඇතැයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top