Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 29, 2016

නීතිය නවන තවත් රාළහාමි කෙනෙක් (වීඩියෝ) Featured

ඊයේ (28) පොලිස් නිලධාරියකු ආරක්ෂිත හිස් වැසුමක් (හෙල්මට්) නොමැතිව යතුරු පැදියක් ධාවනය කරන අයුරු අප කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ. පියතිලක මහතාගේ කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසිනි.

අදාළ පොලිස් නිලධාරියා ගොකරැල්ල පොලිස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුර සිට එම පොලිස්ථානය දක්වා ආරක්ෂිත හිස්වැසුමක් නොමැතිව කොළඹ-කුරුණැගල ප්‍රධාන මාර්ගයේ සිය යතුරුපැදිය ධාවනය කර ඇත්තේ මාර්ග නීතිද උල්ලංඝනය කරමිනි.

පොලිස්පතිවරයා නීතිය නැමිය හැකි බවට පසුගිය දිනක කළ ප්‍රකාශය මේවන විට ඉතා ජනප්‍රිය එකක් වී ඇති අතර මේ පොලිස් නිලධාරියා ද එසේ නීතියත් නමාගෙන සිය යතුරු පැදියත් නම නමා ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් බව අප වාර්තාකරු කියා සිටියේය.

ඡායාරූප හා වීඩියෝව - ඩබ්ලිව්.ඒ. පියතිලක

Policeroad 1

Policeroad 2

Policeroad 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top