Dec 29, 2016

'සංවර්ධන පනත හදල තියෙන්නේ නීතිය නොදන්න කෙනෙක්'

 සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත යළි සාකච්ඡාවට බඳුන් කර සශෝධනය කර ඉදිරිපත් කළ යුතු බවත් මෙය සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයකු විසින් බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

‘ මගේ අදහස නම් මෙය පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. පළාත් සභාවල මතය විමසීමෙන් පසු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. මෙම පනත් කෙටුම්පතේ සදහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවැරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නේ කොහොමද? මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක්‍රීයාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව ආයෝජන හිතවාදි රටක් බවට පත් කළ යුතුයි.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක් බවත් සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක්‍රියාත්මක කළ යුතු බව තමාගේ අදහස බවත් හෙතෙම සදහන් කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top