nsb

Dec 29, 2016

'විකුණන්න ඉතුරු පොලීසියයි බන්ධනාගාරයයි විතරයි'

වර්තමානයේ රට තුළ විකිණීමට ඉතිරිවී ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද(29දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩු කිරීමට නුසුදුසු පිරිසක් පාර්ලිමේන්තුවට රිංගා දිනෙන් දින රට ආගාධයට ඇද දැමීමට උත්සහ කළද රට විකුණා දැමීම සිතන තරම් ලේසි නොවන බව උන්වහන්සේ කියා සිටියි.

ජනතාවට අසාධාරණයක් වන ආකාරයෙන් ආණ්ඩුව හැංගි හැංගි සිදු කරන්නා වූ කූට උපක්‍රමයන්ට විරෝධය පළ කරමින් ඉදිරියේ ක්‍රියාමාර්ගයන් ගන්නා බවද සදහන් කර සිටියේය.

එමෙන්ම ආණ්ඩුවට කඩේ යන සමන් රත්නප්‍රියටද මෙම ගමන හා එක්වෙන ලෙස ආරාධනා කර සිටින බවත් උන්වහන්සේ කියා සිටියේය.

මේ ආණ්ඩුව විසින් සිදු කළේ කහ ඉරි සුදු කිරීමත් - පළිගැනීමත් පමණක් බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හෙද නිලධාරීන් දස දහසක් සමඟ පාරට බසින බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top