Dec 30, 2016

සනා ඉල්ලා අස්වීමේ සූදානමක් Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව ශ‍්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් බවද පැවසේ.

මේ සදහා හේතුවී ඇත්තේ සනත් ජයසුරිය මහතා විසින් තෝරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා අකමැත්ත පල කිරීමයි.

මේ හේතූන් නිසා තවදුටත් තේරීම් කමිටු සභාපති ලෙස කරයුතු කිරීම පලක් නොමැති බව සනත් ජයසුරිය මහතාට හැගී ගොස් ඇති බවද පැවසේ.

එම නිසා ඉදිරි සති කිහිපය තුල ඔහු මේ සම්බන්ධයෙන් අවසන් තීරනයක් ගනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

- T'du -

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top