nsb

Jan 01, 2017

"යහපාලන ආණ්ඩුව පෙරළීම සිහිනයක් පමණයි'' - රාජිත

යහපාලන රජය පෙරළීමට කිසිවෙකුට නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජය පෙරලා දමන බවට කරන ප්‍රකාශ සිහිනයක් පමණක් බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියි.
 
2017 වසරේ දී වත්මන් ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා එබව කියා සිටියේ, මතුගම කටුගහහේන ප්‍රාදේශිය රෝහලේ නව ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ  (31) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සහ සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

ජනපති- අගමැති මනා දුර දැක්මකින්  :

 "රජය වැටෙයි කියා ඇතැමුන් ප්‍රකාශ කරනවා. රජය සෙලවීමට ඇතැමුන් උත්සාහ දරනවා. ඒවා සිහින විතරයි. යහපාලන රජය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මම ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාත් ආග්‍රාමාත්‍යවරයාත් මනා දුර දැක්මෙන් යුතුව කටයුතු කරනවා. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නයි මුගට් වෛරයෙන් කටයුතු කළේ. එම නයි මුගටි වෛරය ඇතැම් දේශපාලනඥයින්ගේ සිත තුල තවමත් හොල්මන් කරනවා.

හැබැයි පරිණත ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රජය ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරනවා. ජනවාරි 08 විප්ලවය රුපියල් සත වලින් මනින්න එපා. අද ජීවත්වීමේ  නිදහස උදාකර දී තිඛෙනවා. කිසියම් දෙයක් වැරදුනාම බනින එක නොවෙයි කරන්න තිඛෙන්නේ.

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා :

අපේ රටේ සිටි රාජ්‍ය නායකයින් ව්‍යවස්ථා සංශෝධන මගින් තම බලතල වැඩි කර ගත්තා. නමුත් වත්මන් ජනාධිපතිවරයා තම බලතල අඩු කර ගන්නවා. ඉදිරියේ දී නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා.

අපි ජිවිත පරදුවට තබා නව රජය බිහි කළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වෙයි කියා කවුරුත් හීනෙකින්වත් හිතුවේ  නැහැ. තරුණ පරම්පරාව දේශපාලනඥයින් විවේචනය කරන යුගය අවසන් කරනවා.”


 මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා, කටුගහහේන ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය නිලධාරි රංජිත් දිසානායක මහතා ඇතුලු කාර්ය මණaඩලය, ගම්වාසින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Katugaha 02

katu 04

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top